ගයාන් ගාල්ලගේ I
උසස් පෙළ ගණිතය සහ විද්‍යාව ප්‍රශ්න පත්‍ර පරීක්ෂාව 60% ක පමණ ගුරුවරුන්ගේ සහභාගිත්වයෙන් අසීරුතා මැද තවමත් සිදු කරමින් පවතින බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා දේශයට පැවසීය.
දෙවැනි වටයේ පරීක්ෂාවන් දැනටමත් ආරම්භ කර ඇති බවත් එහෙත් ඇතැම් ගුරුවරුන් කැඳවීමේදී පාසල්වලට බාධාවක් නොවන ලෙස ගෙන්විය යුතු නිසා අසීරුතා මැද ප්‍රශ්න පත්‍ර පරීක්ෂාව සිදු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
කෙසේවෙතත් ප්‍රශ්න පත්‍ර පරීක්ෂාව මේ මස තුළ අවසන් කිරීමට උත්සාහ ගන්නා බවද හෙතෙම කීය.